කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 ජුනි මස 13 වන දින උදැසන කොච්චිකඩේ, ශාන්ත අන්තෝනී දේවාස්ථානයේ දී පැවති අතර, ඒ සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලදි.

ඒ අනුව නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා නාවික පුද්ගලයින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදාව විසින් දක්වනු ලැබූ දායකත්වය සම්බන්ධයෙන් දේවාස්ථානය භාර පූජකතුමන් ඇතුළු බැතිමතුන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කර සිටියහ.