නාවික හමුදාධිපති ගරු අග්‍රාමාත්‍ය තුමන් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 ජුනි 15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවිය.

එහිදී ගරු අග්‍රාමාත්‍ය තුමා සහ නාවික හමුදාධිපති අතර සුහද සාකච්ඡාවක් සිදුකෙරුනු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ගරු අග්‍රාමාත්‍ය තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදි.