බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ධම්මික කුමාර බටහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුනි 27) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

බටහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ධම්මික කුමාර අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානයේ නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ වත්මන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ධම්මික කුමාර වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත බටහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.