සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද (2022 ජුනි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ආඥාපති ලෙස පත්වීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති හමුවීමට පැමිණි මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ වෙත නාවික හමුදාධිපති විසින් සිය සුභාශිංසන පිරිනමා සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.