ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩභාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, වැලිසර ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2022 ජුලි 11) වැඩ භාර ගන්නා ලදි.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් ධම්මික කුමාර ස්වේච්ජා නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් අනුර තෙන්නකෝන් විසින් එම ධූරයේ රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි. එමෙන්ම රියර් අද්මිරාල් ධම්මික කුමාර, ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති තනතුරට අමතරව බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන්ද තවදුරටත් කටයුතු කරනු ලබයි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් අනුර තෙන්නකෝන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එම මූලස්ථානයෙන් සමුදීම සිදු කෙරිණි.