ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශක වෙත නාවික හමුදාධිපතිගෙන් උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමට නියමිත ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), සහ දැනට එම ධූරයේ රාජකාරී කරනු ලබන ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Lieutenant Colonel Travis Cox) හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී අද (2022 ජුලි 19) පැවැත්වූ අතර, එහිදී නාවික හමුදාධිපති විසින් ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නිල හමුවේදී ධූර කාලය අවසන්වී නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ දැනට සිටින ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් වෙත නාවික හමුදාධිපති විසින් සිය සුභාශිංෂණ පිරිනැමීමටද කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදු කෙරිණි.