නාවික හමුදා දායකත්වයෙන් කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 24 වන දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සමුද්‍රීය පරිසරය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීමට නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 05 වන සංවත්සරයට සමගාමීව මට්ටක්කුලිය, කාක දූපත වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, එම වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක් රැස් කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු එම නෞකාවේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.