දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 25) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක දකුණු නාවික විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සජිත් ගමගේ විසින් එම ධූරයේ රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි. ද

තවද, දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක නාවික හමුදා මුලස්ථානයේ විනයාරක්ෂාධිපති වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි