ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති, පෝජ් හාර්න්පෝල් මහතා (Mr. Poj Harnpol) අද (2022 අගෝස්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති සහ නාවික හමුදාධිපති අතර, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.