නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා අතිගරු ජනාධිපති තුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සිය ප්‍රථම නිල හමුවීම සඳහා අද (2022 අගෝස්තු 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා බැහැදකින ලදි.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවේදී නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපති වෙත සිය සුභාශිංසන පිරිනමන ලද අතර, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව ජාතික කර්තව්‍යන්හීදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබාදෙන බවට එහිදී නාවික හමුදාධිපති විසින් පවසන ලදී.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් අතිගරු ජනාධිපති තුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරිණි.