ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය 2022 සැප්තැම්බර් 01 වන දින පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.

නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජක තුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී හින්දු ආගමික වතාවත් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, එම විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික පුද්ගලයින් සහ ප්‍රදේශයේ හින්දු භක්තිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.