ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම පාඨමාලාවේ නිලධාරීන් සඳහා නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලා අංක 1 යටතේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 සැප්තැම්බර් මස 08 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ලොව ජාතික ආරක්‍ෂක විද්‍යායතනයන්හි සිදුකෙරෙන සම්‍ප්‍රදායානුකූල අංගයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරන නිලධාරීන් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන ලදි. ඒ අනුව, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර හා එම මැතිණිය, ඇතුළු පාඨමාලාව හදාරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විද්‍යායතනයේ අධ්‍යයන කාර්යය මණ්ඩලය සහ එම මැතිණියන් නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් බටහිර නාවික විධානයේ නිලධාරී නිවාසය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරන ප්‍රථම ශිෂ්‍ය නිලධාරී කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර ඔවුන් වෙත සංකේතාත්මක තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි.












