ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොබට් වෑන් බෲඉන්සන් (Captain Robert van Bruinssen) අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කපිතාන් රොබට් වෑන් බෲඉන්සන් ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන්, නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.