නාවික හමුදාධිපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 සැප්තැම්බර් මස 28 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවිය.

එහිදී, නාවික හමුදාධිපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තුමා සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.