ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් (Lt. Col Han Jonghun) අද (2022 ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිළ හමුවේදී නාවික හමුදාධිපති සහ කොරියානු ආරක්‍ෂක උපදේශක ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.