දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එස්ආර් සමරතුංග විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2022 ඔක්තෝබර් 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයන්හීදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබයි. ඒ අනුව, යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම විරෝධාර නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමයේ උප සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී අද (2022 ඔක්තෝබර් 19) සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.