ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී, Aurélien Maillet මහතා අද (2022 නොවැම්බර් මස 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී වෙත සමරු තිළිණයක් පිරිනැමීමටද කටයුතු කෙරිණි.

තවද, මෙ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ හමුදා තාක්‍ෂණික සහයෝගීතා නිලධාරීද සහභාගී වන ලදි.