ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් පූජිත විතාන 2022 නොවැම්බර් මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

රියර් අද්මිරාල් පූජිත විතාන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හත්වන (07) අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති හමු වූ ප්‍රථම නිල හමුව ලෙස මෙය සනිටුහන් වූ අතර, එහිදී, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් වෙත නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනමන ලදි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.