ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි. මෙම නිළ හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Ian Cain) සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ ප්‍රථම ලේකම් බ්‍රෙට් සෙහ්න්ඩර් (Mr Brett Zehnder) මහතා ද සහභාගී විය.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වෙත සමරු තිලිණයක් ලබාදීමද සිදුකෙරිණි.