අභිනව නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු ජනාධිපතිතුමා බැහැදකියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් අභිනව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ගරු ජනාධිපතිතුමා විසින් සිය සුභාසිංශන පිරිනමන ලදී. අනතුරුව, ජාතික කර්තව්‍යන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබා දීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සහ ගරු ජනාධිපති තුමන් අතර එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

තවද, මෙම ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද එහිදී සිදු කෙරිණි.