Combat ’ 2022 ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව එක්වෙයි

පාසැල් දරුවන් අතර බාලදක්‍ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Combat ’ 2022 ප්‍රදර්ශනය 2022 දෙසැම්බර් මස 20 වන දින එම විද්‍යාල‍යේදී සාර්ථකව පවත්වන ලද අතර, එම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවි හා උපාංග සහ හැකියාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටි එක් කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත Combat ’ 2022 ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව මඟින් ඉදිරිපත් කළ විශේෂ යාත්‍රා බලඝණය, කිමිදුම් අංශය සහ නාවික ශිල්පය හා ජලතරණ යන අංශයන්ගේ, අවි හා උපාංග සහ හැකියාවන් දැක බලා ගැනීම සඳහා පාසල් දූ දරුවන් ඉතා උනන්දුවෙන් සහභාගී වී සිටි අතර, ප්‍රදර්ශිත අංගයන් පිළිබඳ එහිදී දූ දරුවන් දැනුවත් කිරීමටද නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.

තවද, මෙම ප්‍රදර්ශනයට සමගාමීව පාසල් දරුවන් වෙනුවෙන් නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සංදර්ශනය දරුවන්ට නැවුම් අත්දැකීමක්ද ගෙන දීමට සමත් විය.