ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් අභිනව නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2022 දෙසැම්බර් 22) නාවික හමුදා මූලස්ථානයේදී අභිනව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නව පත්වීම් ලැබීමෙන් පසු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතාන නාවික හමුදාධිපති හමු වූ ප්‍රථම නිල හමුව ලෙස මෙය සනිටුහන් වූ අතර, එහිදී, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා අභිනව නාවික හමුදාධිපති වෙත වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් විසින් සුභපැතුම් පිරිනමන ලදි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් අභිනව නාවික හමුදාධිපති වෙත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් විසින් සමරු තිළිණයක් පිරිනැමීම ද සිදු කෙරිණි.