ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කෙරේ

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය තුල කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කරමින්, නිකල්සන් කෝව් ජැටියට (Nicalson Cove pier) ආසන්නයෙන් අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 21 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි නිකල්සන් කෝව් ජැටියට යාබදව නවතා තබනු ලබන නෞකා හා යාත්‍රාවන්ට අනුයුක්ත කණිෂ්ඨ නාවිකයන්ගේ නවානැත් පහසුකම් එම ජැටිය‍ට ආසන්නයෙන් ස්ථාපිත කිරීමේ කලක් පැවති අවශ්‍යතාවය සපුරාලමින්, මෙම ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු නැගෙනහිර නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම වර්ෂයේ (2022) ජනවාරි මස ආරම්භ කරන ලදී. ඒ අනුව, කඩිනමින් ඉදිකිරීම් අවසන් කරන ලද මෙම කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල ‍මෙලෙස 2022 දෙසැම්බර් මස 21 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

තවද, නිකල්සන් කෝව් ජැටියට යාබදව නවතා තබනු ලබන නෞකා හා යාත්‍රාවන්ට අනුයුක්ත කණිෂ්ඨ නාවිකයන්ගේ නවානැත් පහසුකම් එම ජැටිය‍ට ආසන්නයෙන් ස්ථාපනය කිරීම මඟින්, එම නාවිකයන් ඉදිරියේදී වඩාත් කාර්යක්‍ෂමව මෙහෙයුම් කටයුතු සඳහා යෙදවීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.