ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියස නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදාව එක් වෙයි

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියසදී 2022 දෙසැම්බර් මස 18 වන දින පස්වරුවේ ආරම්භ වූ අතර, එම ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ සංස්කෘතික නර්ථන කණ්ඩායම 2022 දෙසැම්බර් මස 21 වන දින සන්ද්‍යාවේදී දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත මෙම ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා වාදක කණ්ඩායම සහ සංස්කෘතික නර්ථන කණ්ඩායමට අයත් ශිල්පීන් කැරොල් ගී ගායනා සහ විචිත්‍රවත් නර්ථන අංගයන් ඉදිරිපත් කරන ලද අතර, මෙම අවස්ථාව නැරඹීම සඳහා මහජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, මෙම ප්‍රසංගය 2022 දෙසැම්බර් මස 23 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.