නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 28) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

ඒ අනුව, ගුවන් හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, මෙම නිල හමුවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදි. අනතුරුව, මෙම නිල හමුවේදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ගුවන් හමුදාධිපති සහ නාවික හමුදාධිපති අතර සුහද පිළිසදරක් පැවැත්විණි.

තවද, මෙම පළමු නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.