උතුරු නාවික විධානයේ සුභසාධන සහ මෙහෙයුම් පහසුකම් පුළුල් කෙරේ

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන් ප්‍රතිසංස්කරණය කරන ලද නිලධාරි නිවාස ගොඩනැගිල්ල සහ ක්වීන්ස් ටවර් නාවික අනුඛණ්ඩයේ මෙහෙයුම් අවශ්‍යතා සඳහා පහසුකම් පුළුල් කරමින් ඉදිකරන ලද නව ගොඩැගිල්ල උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 29 දින විවෘත කරන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ ඉදිකරන ලද නිලධාරි නිවාස ගොඩනැගිල්ලේ පළමු අධියරේ අළුත්වැඩියා කටයුතු 2022 අප්‍රේල් මස 27 වන දින ආරම්භ කරන ලද අතර, ක්වීන්ස් ටවර් නාවික අනුඛණ්ඩයේ ‍මෙහෙයුම් අවශ්‍යතා සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2022 ‍මැයි මස 23 වන දින ආරම්භ කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සාර්ථකව සම්පුර්ණ කිරීමෙන් අනතුරුව මෙලෙස දෙසැම්බර් මස 29 වන දින විවෘත කෙරුණු අතර, එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු එම විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.