නාවික හමුදාධිපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2022 දෙසැම්බර් 30) රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ දී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා බැහැදැකීමට කටයුතු කෙරිණි.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම නිල හමුවීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් අභිනව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තුමා විසින් සිය සුභාසිංශන පිරිනමන ලදී. අනතුරුව, ජාතික කර්තව්‍යන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබා දීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සහ ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තුමා අතර එහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

තවද, මෙම ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තුමා විසින්ද එහිදී නාවික හමුදාධිපති වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීම සිදු කෙ‍රිණි.