නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ‍පෙරේරා අද දින (2023 ජනවාරි 05) කොළඹ, පොලිස් මූලස්ථානයේදී, ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය.

ඒ අනුව, පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පොලිස් මූලස්ථානය වෙත නාවික හමුදාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ‍ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වෙත පොලිස්පති විසින් සිය සුභාශිංසන පිරිනමන ලදි.

මෙම හමුවේදී, නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එහිදී නීතිය හා සාමය සුරැකීම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම මෙන්ම අනෙකුත් නීතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අවශ්‍යතාවය පරිදි ශ්‍රී ලංකා පොලිසිය වෙත නාවික හමුදාවේ සහය ලබාදීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ‍පෙරේරා නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පොලිස්පති හමුවූ මෙම ප්‍රථම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.