Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වයි

නාවික හමුදා දියත් විධානය විසින් සංවිධානය කරන ලද Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී 2023 ජනවාරි මස 05 වන දින සාර්ථකව පැවැත්විණි.

දියත් විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම තරඟාවලිය වේග ප්‍රහාරක යාත්‍රා (FAC), කුඩා නෞකා (Minor Vessels) සහ විශාල නෞකා (Major Vessels) වශයෙන් කොටස් 03 ක් යටතේ පවත්වන ලදි.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රා අංශයෙන් පී 411 වේග ප්‍රහාරක යාත්‍රාව Rigging ජයග්‍රහණයත්, පී 414 වේග ප්‍රහාරක යාත්‍රාවේ ලුතිනන් කේඑන්ඩී ඩයස් ROR ජයග්‍රහණයත්, වේග ප්‍රහාරක යාත්‍රා කණ්ඩායම් අංක 01 විසින් Semaphore and Flashing ජයග්‍රහණයත් හිමි කර ගන්නා ලදී. කුඩා ‍නෞකා අංශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා රණගජ නෞකාව Rigging ජයග්‍රහණයත්, A 543 යාත්‍රාවේ උප ලුතිනන් ඩීඑස් ඉමල්ක ROR ජයග්‍රහණයත්, ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව මඟින් Semaphore and Flashing ජයග්‍රහණයත් හිමි කර ගන්නා ලදී. විශාල නෞකා අංශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව Rigging ජයග්‍රහණයත්, එම නෞකාවේ ලුතිනන් ඩබ්එච්එල්සී විජේරත්න ROR ජයග්‍රහණයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව මඟින් Semaphore and Flashing ජයග්‍රහණයත් හිමි කර ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා ගේ ආරාධනයෙන් ප්‍රධන ආරාධිතයා ලෙස නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර සහභාගී වූ අතර, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක්ද මේ සඳහා සහභාගී වී සිටියහ.