ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම නිල හමුවේදී, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් 25 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි. අනතුරුව, ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගු කාලීන මිත්‍රශීලි සබඳතාවය සහ දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.