දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සමන් පෙරේරා දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 13) දකුණු නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සමන් පෙරේරා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් සමන් පෙරේරා වෙත භාර දීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව, හිටපු ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක වෙත නාවික සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණි.