නාවික හමුදාධිපති අග්‍රාමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2023 ජනවාරි 13) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම නිල හමුවීමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් අභිනව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ගරු අග්‍රාමත්‍ය තුමා විසින් සිය සුභාසිංශන පිරිනමන ලදී.

තවද, මෙම ප්‍රථම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.