ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 20) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.