CARAT–2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයට කොළඹදී සංගීත ප්‍රසංග මාලාවක්

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භය 2023 ජනවාරි මස 19 වන දින සිදුකෙරිණි. එම අභ්‍යාසයට සමඟාමීව පාර්ශ්වකරුවන් අතර සංස්කෘතික හුවමාරුව තුලින් සහයෝගීතාවය ගොඩනැගීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද 7 වන නෞකා සමූහයේ (US 7th Fleet ) සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායම එක්ව කොළඹදී ප්‍රසංග මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, එහි පළමු ප්‍රසංගය 2023 ජනවාරි මස 20 වන දින සන්ධ්‍යාවේ කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

තවද, මෙම ප්‍රසංග මාලාවේ අද දින (2023 ජනවාරි 21) පැවැත්වෙන ප්‍රසංගය කොළඹ Dutch Hospital පරිශ්‍රයේදී පස්වරු 0630 සිට 0800 පැය දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, එම ප්‍රසංග මාලාව යටතේ 2023 ජනවාරි මස 22 වන දින පස්වරු 0630 සිට 0800 පැය දක්වා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදීත්, 2023 ජනවාරි මස 23 වන දින පස්වරු 0630 සිට 0800 පැය දක්වා බත්තරමුල්ල දියත උයනේදීත්, 2023 ජනවාරි මස 24 වන දින පස්වරු 0630 සිට 0800 පැය දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් පරිශ්‍රයේදීත් සහ අවසන් ප්‍රසංගය 2023 ජනවාරි මස 25 වන දින පස්වරු 0630 සිට 0800 පැය දක්වා කොළඹ One Galle Face පරිශ්‍රයේදීත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.