ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් හමුවිය.

මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු නාවික විධාන ආඥාපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුවූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි (Commodore Md Shafiul Bari) ද සහභාගී විය.

තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.