රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා ලෙස රියර් අද්මිරාල් රවී රණසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (National Authority for Implementation of the Chemical Weapons Convention - NACWC) අධ්‍යක්‍ෂවරයා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ 2023 ජනවාරි මස 27 වන දින සිට පත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, රියර් අද්මිරාල් රවී රණසිංහ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියෙහි කාර්යාලයේදී එහි අධ්‍යක්‍ෂවරයා ලෙස 2023 ජනවාරි මස 27 වැඩ භාර ගැනීමට කටයුතු කෙරුණු අතර, එහිදී එම අධිකාරියෙහි හිටපු අධ්‍යක්‍ෂ ජයන්ත එදිරිසිංහ මහතා හා එම කාර්යය මණ්ඩලය විසින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව අභිනව අධ්‍යක්‍ෂවරයා වෙත හඳුන්වාදීමේ සැසියක් පවත්වන ලදී.