75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කළ මෙම ලේ දන්දීමේ උතුම් සමාජ සත්කාරක වැඩසටහන සදහා නාවික පුද්ගලයින් 85 දෙනෙකු මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද, ඩෙල්ෆ්ට් පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශ වාසීන් ද දායකත්වය දක්වන ලදී.

තවද, යාපනය ලේ බැංකුව හා ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහල එක්ව සංවිධානය කළ මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදෙන ලදි.