ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.

මෙම නිල සංචාරයේදී, ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර බටහිර නාවික විධාන මූලස්ථානයේදී සුහද හමුවක් පැවැත්වුණු අතර, නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාවේදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමද සිදුකෙරිණි.

ඒ අනුව, නිල සංචාරය නිමා කළ ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන මොහොතේ නාවික හමුදා සම්ප්‍රදායනුකූලව සමුදීම සිදුකෙරිණි.