ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Raden Eddy Martadinata - 331’ නැමැති ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාව, දිගින් මීටර් 105.02 ක් හා නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Captain Nopriadi, M. Tr. Hanla කටයුතු කරනු ලබයි.

තවද, මෙම නිල සංචාරය නිමාකරමින් 2023 පෙබරවාරි මස 21 වන දින ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.