නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි එකොළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) එකොළොස්වන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද දින (2023 පෙබරවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගන්වන ලදී.

ජාතික සහ ‍ගෝලීය වශයෙන් පවත්නා කාලීන ගැටළු ඇතුළු විවිධ විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් නාවික පුද්ගලයන්ගේ විශ්ලේෂණාත්මක ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම මෙන්ම නාවික පුද්ගලයන් පර්යේශණ නිබන්ධන ලිවීම කෙරෙහි උනන්දු කරවීමත් ‘නාවික සඟරාව’ මගින් අපේක්‍ෂා කෙරෙන අතර, එකොළොස්වන කලාපයේ තේමාව වූයේ ‘සමුද්‍රීය හා උපායමාර්ගික කටයුතු’ යන්නයි.

ඒ අනුව, ‘සමුද්‍රීය හා උපායමාර්ගික කටයුතු’ යන තේමාව යටතේ නිලධාරීන් විසින් රචිත හරවත් පර්යේශණාත්මක ලිපි එකතුවකින් මෙවර කලාපය සමන්විත වේ.