උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජානක නිස්සංක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජානක නිස්සංක උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 මාර්තු 02) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ජානක නිස්සංක අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් ජානක නිස්සංක වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වෙත නාවික සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.