‘සයුරුසර’ සඟරාවේ 46 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 46 වන කලාපය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද දින (2023 මාර්තු 08) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතීන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් සයුරුසර සඟරාව අර්ධ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි.

තවද, මෙවර කලාපය, නාවික හමුදා පුද්ගලයින් විසින් රචිත හරවත් ලිපි එකතුවකින් සහ නාවික පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ නිර්මාණාත්මක ගද්‍ය, පද්‍ය, සිතුවම් සහ ඡායාරූප ඇතුලත් විචිත්‍රවත් ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවකින් සමන්විත වේ.