ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Independence - Class Littoral Combat Ship වර්ගයේ යුද නෞකාවක් වන ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව, දිගින් මීටර් 127.4 ක් හා නැව් මුළුව 100 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Lamson, A.A කටයුතු කරනු ලබයි.

‘USS CHARLESTON (LCS - 18)’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ස්චේච්ඡා නාවික හමුදාවේ හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර අතර නිල හමුවක් 2023 මාර්තු මස 11 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කෙරුණු අතර, එහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් සිදුකෙරුණි.

තවද, අද දින (2023 මාර්තු 12) උදෑසන ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම අවස්ථාවේදී නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම සිදුකෙරිණි.