ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තනාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු කලීඩ් නසාර් සුලෙයිමාන් අල් අමේරි (HE Khaled Nassar Sulaiman Al Ameri) අද දින (2023 මාර්තු 14) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ නැගෙනහිර නාවික විධානයේ අඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර හමුවිය.

මෙම නිල හමුවේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ නැගෙනහිර නාවික විධානයේ අඥාපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, මෙම නිල හමුවට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති විසින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ සහ නාවික කෞතුකාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.