ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 37 වන ආඥාපති වශයෙන් කොමදෝරු බුද්ධික ලියනගමගේ 2023 මාර්තු මස 14 වන දින වැඩ භාර ගන්නා ලදී.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 37 වන ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට ප්‍රථම කොමදෝරු බුද්ධික ලියනගමගේ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ධූරයෙහි රාජකාරීන් කොමදෝරු බුද්ධික ලියනගමගේ වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් රාජකාරී කල රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින් සමුදීම සිදු කෙරිණි.