ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු Rita Giuliana MANNELLA මහත්මිය අද දින (2023 මාර්තු 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදුවූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබියෝ සිමා (Captain (Navy) Fabio CIMA) ද සහභාගී විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය වෙත සමරු තිලිණ ප්‍රදාණයක් සිදු කෙරිණි.