රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2023 මාර්තු 20) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 36 වන ආඥාපති ලෙස රාජකාරි කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් කටයුතු කළ කොමදෝරු රාජප්‍රිය ‍සේරසිංහ විසින් අභිනව අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස පත්වූ රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.