ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් නලීන් හේරත් විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2023 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ගෝලීය භූ දේශපාලන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයන් සහ නව සන්ධාන ගතවීම් මෙන්ම ප්‍රතිවාදී බලවේගයන්ගේ වර්තමාන වර්ධනයන් පිළිබඳ‍ කාලීන වශයෙන් වැදගත් තොරතුරු ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථය මඟින් විමර්ෂණයට ලක් කරයි.

තවද, කාලීන වශයෙන් වැදගත් ග්‍රන්ථයක් එළි දැක්වීම වෙනුවෙන් සිදුකල දායකත්වය අගයමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ, කර්නල් නලීන් හේරත් වෙත සිය සුභාශිංසන පිරිනැමීමද මෙහිදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි.