රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනමයි

ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු (16) වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 24) රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන කාර්යාලයේ දී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, මාලා ලමාහේවා මැතිණිය සහභාගී විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, දෙස් විදෙස් ධානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය රණවිරුවන්ගේ දූ දරුවන් හට මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. ඒ අනුව, රණවිරු සේවා අධිකාරියේ මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් දරුවකුට රුපියල් 5000 බැඟින් දරු දැරියන් දහසය දෙනෙකු (16) සඳහා වසරක කාලයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරිණි.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, ජානකී ලියනගේ මැතිණිය, ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනී, චාමිනී පතිරණ මැතිණිය, පොලිස් සේවා වනිතා ඒකකය නියෝජනය කරමින් කාන්තා නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී මැතිණිය, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් මහත්ම මහත්මීන් සහ රණවිරු දරු දැරියන්, දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.