නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහන් යටතේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 08 වන දින නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනය විසින් සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන මඟින් ත්‍රීකුණාමලය සහ වවුනියාව රජයේ රෝහල් වල රුධිර පාරවිලයන මධ්‍යස්ථානයන්හී රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීම සඳහා රුධිරය ප්‍රදානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේ සියළුම නෞකා සහ ආයතනයන්ගේ නාවික පුද්ගලයින් 350 ක පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.